• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- ප්‍රධාන මහාමාර්ග කි.මී. 65.45ක් උත්ශ්‍රේණිගත කිරීම සඳහා සහ නාරාහේන්පිට - නාවල - නුගේගොඩ මාර්ගයේ අංක 2/1 දරන පාලම නැවත ඉදි කිරීම සඳහා වන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් (OPEC) අරමුදලෙන් ඇමෙරිකානු‍ ‍ඩොලර් මිලියන 50ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ව්‍යාපෘතිය යටතේ වන සිවිල් වැඩවල ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශාත්මක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.