• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - කොන්ත්‍රාත් පැකේජ 02 සිට 06 දක්වා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත ප්‍රදානය කිරීම

- උතුරු අධිවේගී මාර්ගයේ එ‍‍‍‍ඬේරමුල්ල සිට ගලේවෙල දක්වා වූ කොටස සහ ඈඳන අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා රජය විසින් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි උතුරු අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ සිට ගලේවෙල දක්වා ඉදි කිරීම සඳහා වන පහත සඳහන් කොන්ත්‍රාත්තු පැකේජ 02 සිට 06 දක්වා පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* පැකේජ 02 - වේයන්ගොඩ- මීරිගම (කි.මී. 16.0);
* පැකේජ 03 - මීරිගම - නාකලගමුව (කි.මී. 18.0);
* පැකේජ 04 - නාකලගමුව - අලකොලදෙණිය (කි.මී. 20.1);
* පැකේජ 05 - අලකොලදෙණිය - මැද්දෙකැටිය (කි.මී. 16.9); සහ
* පැකේජ 06 - මැද්දෙකැටිය - ගලේවෙල (කි.මී. 19.0).