• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම

- ගම් 38,000ක් එකිනෙකට සම්බන්ධ කෙරෙමින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මාර්ග ජාලය සංවර්ධනය කිරීමේ වැඩසටහන මඟින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් 80%කට පමණ වඩා හොඳ මාර්ග ප්‍රවේශයකට ඉඩ සැලසෙනු ඇත. උතුරු හා නැ‍ඟෙනහිර පළාත් අතර වෙරළබඩ තීරය මතින් අඛණ්ඩව ගොඩ බිම් සබඳතාවක් ඇති කිරීමේ අරමුණ ඇතිව මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගය, සංවර්ධනය සඳහා වන ප්‍රමුඛ මාර්ගයක් ලෙස හඳුනා ගෙන ඇත. මුලතිව් සහ පුල්මුඩෙයි අතර දුර කි.මී. 100 කින් පමණ විශාල වශයෙන් අඩු කෙරෙමින් කෝකිලායි කලපුව හරහා පා‍ලමක් ඉදි කිරීමට යෝජිතය. මෙම කාර්යය සඳහා වන ණය එකඟතාවන්ට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.