• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 ඔක්තෝමබර් මස 7 - 12 කාලය අතරතුර වොෂිංටන් නගරයේදී පැවති 2014 වසරට අදාළ ලෝක බැංකුවේ/ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට (Annual Meetings) සහභාගි වීම

- ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහත සඳහන් වාර්ෂික රැස්වීම්වලට සහභාගි වූහ. මෙම රැස්වීම්වලදී ඉහළ ආර්ථිකයන්, නැඟී එන වෙළඳපොළවල් සහ සංවර්ධනය වන රටවලට අදාළව පැන නැ‍ඟෙමින් පවතින ආර්ථික, දේශපාලනික හා සමාජීය ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරෙමින් ගෝලීය ආර්ථික දැක්ම අවධාරණය කෙරිණ. මෙරට නියෝජිතයින් විසින් මෙම රැස්වීමට සහභාගි වූ අනෙක් රටවල නියෝජිතයින් සමඟ ඵලදායී සාකච්ඡා පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා විසින් මෙම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.