• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුරය - ඕමන්තෙයි අතර දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම

- උතුරු දුම්රිය මාර්ගයේ සහ තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ නැවත ඉදි කිරීම් ආරම්භ කිරීමෙන් පසුව ඕමන්තෙයි සිට පලෙයි දක්වා සහ මැදවච්චියේ සිට මඩු මාර්ගය දක්වා දුම්රිය මාර්ග කොටස් දැනට අවසන් කොට ඇති අතර කන්කසන්තුරේ සහ තලෙයිමන්නාරම දක්වා වූ ඉතිරි කොටස් මෙම වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට නියමිතය. ඉහත කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කන්කසන්තුරේ සහ ඕමන්තෙයි අතර සහ තලෙයිමන්නාරම හා මැදවච්චිය අතර පැයට කි. මී. 100 ක උපරිම වේගයකින් දුම්රිය ධාවනය කර වීමට හැකි වනු ඇත. ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ වන ඉතිරි අරමුදල් යොදවා අනුරාධපුර සහ ඕමන්තෙයි අතර කි. මී. 62 ක දිගින් යුතු දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමට යෝජිතය. ඉන්දියානු සමාගම මඟින් ඉදිරිපත් කොට ඇති තාක්ෂණික / මුල්‍ය යෝජනාව තාක්ෂණික ඇගයීම් කමිටුවක සහාය ඇතිව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අගයනු ලැබීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.