• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- දැනට දිවයිනේ පානීය ජල නළ සැපයුම මඟින් ආවරණය වනුයේ 44% කි. 2020 වර්ෂය වන විට පානිය ජල නළ සැපයුම මඟින් ආවරණය කෙරෙන ප්‍රමාණය 60% දක්වා ඉහළ නැවීමට රජය අපේක්ෂා කරන අතර එම කාර්යය සඳහා දේශීය බැංකු මඟින් අරමුදල් සපයමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යෙදවීමට යෝජිතය. ජලසම්පාදන ව්‍යාපෘති 30 ක් සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියන 29.1 ක් සහ අතිරේක ජලසම්පාදන ව්‍යාපෘති 4 ක් සඳහා තවත් බිලියන 10.095 ක් ආයෝජනය කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘති සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II; සහ
* ඇටම්පිටිය ජලසම්පාදන ව්‍යාපෘතිය