• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය

- මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය යෝජනා කොට ඇත්තේ එම ව්‍යාපෘතිය යටතට වැටෙන ශීඝ්‍රයෙන් සංවර්ධනය වන සහ ව්‍යාප්ත වන ප්‍රදේශයන්හි ගෘහස්ථ හා වාණිජ පාරිභෝගිකයන් මුහුණ දෙන උග්‍ර පානීය ජල හිඟයට පිළියම් සැපයීම පිණිසය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.