• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපාර අධ්‍යයනය හා ව්‍යවසායකත්ව අධ්‍යයනය පිළිබඳ නව විද්‍යාපීඨය ස්ථාපනය කිරීම සඳහා මහරගම ගුරු විද්‍යාලයට අයත් ගොඩනැඟිලි සංකීර්ණය අලුත්වැඩියා කිරීම

- මෙම ආයතනයේ නියමිත ඉගැන්වීම් කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරිමේ සහ එම පරිශ්‍රය ප්‍රශස්ත ලෙස පරිහරණය කිරීමේ අරමුණ ඇතිව එම ගොඩනැඟිලිවල අලුත්වැඩියා කටයුතු ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.