• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස පරිහරණය සඳහා සුළං බලය සහ සූර්ය බලය උපයෝගි කර ගෙන විදුලිබලය ජනනය කිරීම මඟින් ජාතික විදුලිබල පද්ධතිය පුළුල් කිරීමේ අනාගත වැඩසටහන

- සුළු පරිමාණ බලශක්ති ජනන අංශය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් රටේ විදුලිය නිපදවීමට ඵලදායී ලෙස දායක වී ඇති අතර වසර 2020 වන විට පුනර්ජනනීය බලශක්තිය මඟින් බලශක්ති සැපයුමේ 20% ජනනය කර ගැනීමේ ඉලක්කයට ළඟා වීම පිණිස සුළං බලය, සූර්ය බලශක්තිය, ජෛවස්කන්ධ ප්‍රභවයන්ද උපයෝගි කරගත යුතු අතර ඒ ආශ්‍රිත සංවර්ධන කටයුතු කඩිනම් කිරීම අවශ්‍ය වේ. පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් වූ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් විසින් ඒකාබද්ධව සභාපතිත්වය දරනු ලබන සහ අදාළ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.