• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ස්පාඤ්ඤ රාජධානියේ විදේශ කටයුතු හා සහයෝගිතා අමාත්‍යාංශය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගිතාව සඳහා යෝජිත ක්ෂේත්‍ර අතරට ත්‍රස්තවාදයට සහ දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදු කරනු ලබන අපරාධවලට එරෙහිව සටන් වැදීම, ජලය, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික හා පාරිසරික ප්‍රතිපත්ති, තිරසර සංචාරක කටයුතු, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු, ආයතන ගොඩනැඟිමෙහි ලා සහයෝගිතාව මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යරාමුව තුළ බහු -පාර්ශ්වීය සහයෝගිතාව ආදිය ඇතුළත් වේ. දෙරට අතර අත්සන් තැබුණු ඉහත අවබෝධතා ගිවිසුම බලාත්මක කිරීම සඳහා සුදුසු පියවර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.