• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහු - ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලාරම්භයෙහි නිදහස් වෙළඳ කලාපය (BIMSTEC FIA) ක්‍රියාත්මක කිරීම

- බහු - ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලාරම්භය යන එකමුතුව බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, නේපාලය, සහ භූතානය යන රටවල්වලින් සමන්විත වන අතර මෙම කලාපීය එකමුතුවේ ප්‍රධාන අරමුණ වනුයේ වෙළඳාම හා ආයෝජනය, තාක්ෂණය, ප්‍රවාහනය හා සන්නිවේදනය, සංචාරක, ධීවර, බලශක්ති, කෘෂිකර්ම හා මානව සම්පත් සංවර්ධනය යන ප්‍රමුඛතා අංශ අටක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම මඟින් සාමාජික රටවල සමාජ - ආර්ථික ප්‍රගතිය පෝෂණය කිරීමයි. දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර අද්විතීය සම්බන්ධ කිරීමක් එමඟින් සිදු කෙරේ. රාජ්‍ය අංශයේ අදාළ බලධරයන් විමසමින් සකසා ඇති, බහු - ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලාරම්භයෙහි නිදහස් වෙළඳ කලාපය (BIMSTEC FTA) යටතේ ශ්‍රී ලංකාවේ නි‍ශේධන ලැයිස්තුව තහවුරු කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.