• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - මහනුවර නාගරික ජලසැපයුම් යෝජනා ක්‍රමය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස නිර්මාණය සහ අධීක්ෂණය සඳහා වන උපදේශාත්මක සේවාවන්

- මහනුවර නගරයේ සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති ප්‍රධාන සංවර්ධන කාර්යයක් වනුයේ මහනුවර නාගරික ජල සැපයුම් යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරිම හා පුනරුත්ථාපනය කිරීමයි. මෙහි නිර්මාණකරණය හා ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශාත්මක සේවා කොන්ත්‍රාත්තුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.