• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජර්මානු රජයෙන් යූරෝ මිලියන 06 ක ශිල්පීය ආධාර ලබා ගැනීම

- ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘති දෙකක් නිම කිරීම සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ ආණ්ඩුවේ සංවර්ධන ආධාර යටතේ යුරෝ මිලියන 4ක හා යුරෝ මිලියන 5.5ක ප්‍රදාන ආධාර ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිවල වර්තමාන කටයුතු නිම කිරීම සඳහා සහ අතිරේක ක්‍රියාකාරකම් මූල්‍යනය කිරීම සඳහා යුරෝ මිලියන 06ක ශිල්පීය ආධාර තවදුරටත් ලබා දීමට ජර්මානු රජය එකඟ වී ඇත. මෙම කාර්යය සඳහා හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.