• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රිඩ් උ‍පපොළ හතරක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය හා හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන

- නැඟී එන ආර්ථික කටයුතුවල ඉල්ලුමට සරිලන පරිදි බලශක්ති ක්ෂේත්‍රයේ ධාරිතාව පුළුල් කළ යුතු බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය පහත සඳහන් ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීමට අදහස් කරයි.

* ග්‍රිඩ් උපපොළ 4ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - මෙම ව්‍යාපෘතිය යටතේ මධ්‍යම කලාපයේ නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ස්ථානයන්හි යුරෝ මිලියන 38ක ඇස්තමේන්තුගත වියදමකින් නව ග්‍රිඩ් උපපොළ 4ක් ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම උපපොළවල් 4 මඟින් මෙ.වො. 220ක අතිරේක ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු වෙනු ඇත; සහ

* හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - මෙම වැඩසටහන ආසියානු සංවර්ධන බැංකුවේ සහ ප්‍රංශයේ නියෝජ්‍ය ආයතනයක මූල්‍ය ආධාර මත රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙමඟින් කැස්බෑව, කළුතර සහ පැරණි අනුරාධපුරය යන ස්ථානයන්හි ග්‍රිඩ් උපපොළ මධ්‍යස්ථාන තුනක් ඉදි කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට යුරෝ මිලියන 22ක ණය මුදලක් ලබා දීමට නියමිතය.

මෙම ණය ගිවිසුම්වලට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.