• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම

- ග්‍රාමීය කේන්ද්‍රස්ථාන සමඟ ග්‍රාමීය මාර්ග සබඳතාව තහවුරු කිරීම පිණිස ආයෝජන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති අතර එම කාර්යය සඳහා අදිරය 06 කදී ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. මෙම මුළු වැඩසටහන සඳහා රජයේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 106කි. මෙම වැඩසටහන මඟින් ව්‍යාපෘති 5ක් ඔස්සේ ග්‍රාමීය කේන්ද්‍ර වශයෙන් ග්‍රාම නිලධාරි කොට්ඨාස, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ යාබද සමාජ - ආර්ථික මධ්‍යස්ථාන වෙත සම්බන්ධ කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘති මඟින් සහ පළාත් පාලන සහ පළාත් මාර්ග ඇතුළුව ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කි.මී. 2548ක් සහ ජාතික මාර්ගයන්හි කි.මී.118ක් ආවරණය කරනු ලැබේ. ණය ගිවිසුම්වලට අදාළ කටයුතු කරගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.