• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - ශක්‍යතා අධ්‍යයනයන්, පාරිසරික බලපෑම් තක්සේරුව යනාදිය සිදු කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවෙන් ආරම්භ වී පැල්මඬුල්ලෙන් (පැල්මඬුල්ල - ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ 3 වන කිලෝමීටරයෙන්) අවසන් වන අතර මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කි.මී. 71ක් පමණ වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.