• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපෘති නොවන ජපාන ප්‍රදාන ආධාර යටතේ ජපාන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සම්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 240ක (ජපන් යෙන් මිලියන 200) ප්‍රදාන ආධාර

- ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක තත්ත්වයන් නඟා සිටුවීම පිණිස ජපාන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සම්පාදනය කිරීම සඳහා 2014/2015 මූල්‍ය වර්ෂය තුළ ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ ජපන් යෙන් මිලියන 200ක (දළ වශයෙන් රුපියල් මිලියන 240 ක) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මිල දී ගනු ලබන උපකරණ එම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල් සහ ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකක වෙත ද, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය සඳහා මිල දී ගනු ලබන උපකරණ නියඟයෙන් හානියට පත් ප්‍රදේශයන්හි භූ ගත ජලසම්පත් වැඩිදියුණු කිරීම පිණිස එම අමාත්‍යාංශය යටතේ ඇති ග්‍රාමීය ආයතන වෙත ද බෙදා හැරෙනු ඇත. මෙම කාර්යය සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.