• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබා ගැනෙන අරමුදල් මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතිය - III වන පැකේජය ක්‍රියාත්මක කිරීම

- හෝමාගම, පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සම්බන්ධයෙන් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. මෙම කාර්යය සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් අදාළ දේශීය බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.