• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම

- මෙරටෙහි ධීවර කර්මාන්තයේ තිරසර කළමනාකරණය සඳහා නව තාක්ෂණය යොදා ගත යුතු බව නිරීක්ෂණය වී ඇති අතර යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය පිළිබඳ ගෝලීය සංකල්පය ක්‍රියාවට නැංවීම අනිවාර්ය කරුණක් බවට පත්ව ඇත. යෝජිත යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියේ විෂය පථය වනුයේ ධීවර යාත්‍රාවලට, යාත්‍රා සුපරීක්ෂණ පද්ධති සම්ප්‍රේෂණ හා ග්‍රාහක ගුවන් විදුලි යන්ත්‍ර 3,000 ක් සැපයීම හා ධීවර බෝට්ටු තිබෙන ස්ථාන චන්ද්‍රිකා මඟින් නිරීක්ෂණය කිරීම පිණිස ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහා උපකරණ සැපයීම සහ වසර 10 ක කාලයක් සඳහා උපකරණ, මූලිකාංග හා මෘදුකාංගවල සහාය සහ නඩත්තුව සපයා දීමයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම හා අදාළ කටයුතු කර ගෙන යාම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.