• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සබරගමුව පළාතේ ආදර්ශ ද්විතීයික ජාතික පාසල රත්නපුර නගරයෙහි පිහිටුවීම

- සබරගමුව පළාත තුළ නව ජාතික පාසලක් රත්නපුර නගරයට සමීපව පිහිටි ඉඩම් කොටසක පිහිටුවීමට යෝජනා වී ඇත. ඉදි කිරීම් කටයුතු 2014 වසරේ තෙවන කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත අතර ඉදි කිරීම් කටයුතු වසර තුනක් තුළ නිම කිරීමට අපේක්ෂිතය. එම පාසල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සමාන්තර පන්ති 10කින් සමන්විත වනු ඇත. මෙයට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.