• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් සපයාගනු ලැබෙන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - කන්දේකැටිය ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- කන්දේකැටිය ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් කන්දේකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමනිලධාරි වසම් දහයක් (10) ආවරණය කෙරෙන අතර ව්‍යාපෘති ප්‍රදේශයේ ඇස්තමේන්තුගත ජල සම්බන්ධතා ගණන 4,000 ක් පමණ වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.