• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන වැඩසටහන - අදියර 3 යටතේ පුනරුත්ථාපනය කිරීමට නියමිත මාර්ග ලැයිස්තුව

- මෙම වැඩසටහනේ අදියර - 3 යටතේ පුනරුත්ථාපනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබූ මාර්ගයන්හි මුළු දිග ප්‍රමාණය කි.මී. 612.65කි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.