• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෞකාවේ සිට වෙරළ දක්වා බහලු මෙහෙයුම් දොඹකර (STC) 4 ක් හා රබර් ටයර් සහිත ගැන්ට්‍රි දොඹකර (RTG) 12ක් සැපයීම, සවි කිරීම සහ යෙදවීම

- කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කරන ලද පර්යන්ත තුන අතුරින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2015 වසරේ මුල් භාගයේදී මෙහෙයුම් කිරීමට අපේක්ෂිත එකම පර්යන්තය වන්නේ නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තයයි. නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තයේ මුලික මෙහෙයුම් කටයුතුවලට පහසුකම් සැපයීම හා බැඳුණු ක්‍රියාකාරකම් කර ගෙන යාම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.