• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු පුළුල් කිරීම සඳහා ඉඩමක් මිල දී ගැනීම

- වයඹ විශ්වවිද්‍යාලය පීඨ 04 කින් සහ අධ්‍යයනාංශ 16 කින් සමන්විත වේ. ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය සඳහා මෙන්ම ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා බඳවා ගැනෙන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ නැංවීමට අදහස් කෙරෙන අතර මෑතකදී හඳුන්වා දෙනු ලැබූ තාක්ෂණ විෂය ධාරාව යටතේ උපාධි අපේක්ෂකයින් 100 දෙනෙකු 2016 වර්ෂයේ සිට වෙනම අධ්‍යයනාංශයක් වෙත බඳවා ගැනීමට සැලසුම් කර ඇත. විශ්වවිද්‍යාලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන, විශ්වවිද්‍යාලයට යාබදව, කුලියාපිටියේ පිහිටි ඉඩම් කොටස මිල දී ගැනීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එ‍ස්.බී. දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.