• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘නිරෝගී ලංකා’ ජාතික සෞඛ්‍ය වැඩසටහන - 2014

- මහජනතාව වෙත නිදහස් සෞඛ්‍ය සේවාවක් සැලසීම පිණිස රජය විසින් රුපියල් බිලියන 157ක් වෙන් කරනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී. 2014‑12‑01 සි‍ට 2014‑12‑07 දක්වා වූ කාලය ‘නිරෝගී ලංකා ජාතික සෞඛ්‍ය වැඩසටහන - 2014’ සඳහා වන සතිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිසත් එම කාර්යය උදෙසා සැලසුම් කළ වැඩසටහන් අදාළ අමාත්‍යාංශ, රජයේ ආයතන සහ පළාත් සභා සමඟ එක්ව පැවැත්වීම පිණිසත් සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.