• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර මහජන පොළ ප්‍රතිසංවර්ධනය කිරීම

- අනුරාධපුර නගරය, උතුරු මැද පළාතේ ප්‍රධාන වාණිජ නගරය මෙන්ම පරිපාලන නගරය ද වේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම සකස් කරනු ලැබ ඇති අතර එම සැලසුම යටතේ අනුරාධපුර මහජන පොළ අනුරාධපුර මහනගර සභාව සතු හෙක්ටයාර 1.19 ක් පමණ වන භූමියක සංවර්ධනය කිරිමට යෝජිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.