• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල නගර අලංකරණ ව්‍යාපෘතිය

- කුරුණෑගල නගරය වයඹ පළාතේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කෙරෙමින් පවතියි. මහජනතාව සඳහා විනෝදාත්මක හා විවේකී පහසුකම් සපයන අතරතුර නගරයේ සෞන්දර්යාත්මක භූ දර්ශනය පුළුල් කිරීමේ අරමුණ ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කුරුණෑගල වැව අවට ප්‍රදේශ අලංකරණය ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. රුපියල් මිලියන 217.00 ක මුළු පිරිවැයකින් මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.