• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසරය හා වන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය - 2014

- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා පීඨය පරිසරය හා වන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් 2014 ඔක්තෝබර් මස 24-25 දිනයන්හි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එම සම්මන්ත්‍රණයේ ප්‍රතිඵල පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ එහි අනුබද්ධ ආයතනවල පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගත හැකි වන පරිදි පරිසර හා වන විද්‍යා පීඨයේ සම්පත් දායකයින්ගේ තාක්ෂණික දායකත්වය ලබා ගැනීමට කටයුතු සුදානම් කර ඇත. ඊට අදාළ කටයුතු කරගෙන යාම පිණිස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.