• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල, හාලිඇල, විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගමනික සම්පත් මධ්‍යස්ථානය බදුල්ලේ හාලිඇල ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.