• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - පලෙයි, කොඩිකාමම්, නල්ලූර්, කරෙයිනගර්, පුන්ගුඩුතිව්, කයිට්ස්, වඩුක්කොඩෙයි සහ යාපනය මහ නගර සභාව (ඕල්ඩ් පාර්ක්) යන ප්‍රදේශයන්හි ජල කුලුනු ඉදි කිරීම (2 වන පැකේජය)

- මෙම ව්‍යාපෘතියේ විවිධ කොටස් සඳහා ප්‍රධාන පැකේජ 13 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙය එවන් එක් පැකේජයකි. මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව, ප්‍රංශය සහ ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක වෙමින් පවතී. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත ටෙන්ඩරය, ඇගයීමට ලක් කරන ලද සාරානුකුල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත පිරිනැමීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රදේශයේ ඇතැම් දේශපාලන නායකයින් ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය යාපනය වෙත හැරවීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන බව වාර්තා වී ඇති බැවින් මෙම ව්‍යාපෘතිය සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් උතුරු පළාත් සභාවේ එකඟතාව ලබාගත යුතු බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.