• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - පුත්තූර්, මීසාලෙයි, පූනකරී, නාවත්කුලී, කඩ්ඩුදායි, වේලනෙයි සහ මණ්ඩතිව් යන ප්‍රදේශයන්හි ජල කුලුනු ඉදි කිරීම (1 වන පැකේජය)

- ආසියානු සංවර්ධන බැංකුව, Agence Francaise de Development (AFD) සහ ශ්‍රී ලංකා රජයේ සහාය ඇතිව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් යාපනය- කිලිනොච්චි ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තිබේ. මෙම ව්‍යාපෘතියේ විවිධ කොටස් සඳහා ප්‍රධාන පැකේජ 13 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙය එවන් එක් පැකේජයකි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත ටෙන්ඩරය, ඇගයීමට ලක් කරන ලද සාරානුකුල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත පිරිනැමීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.