• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම

- සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ඒකක සඳහා එක් ස්ථානයක ඉඩ පහසුකම් සැපයීමේ අරමුණින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මහල් දහයක (10) නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් 3,896,553,840.00 ක පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.