• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල ජාතික ඵලදායීතා සංවිධාන ප්‍රධානීන්ගේ 55 වන වැඩමුළු සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වීම -

- ජපානය කේන්ද්‍ර කොට ගෙන පිහිටුවා ඇති ආසියානු ඵලදායීතා සංවිධානය (Asian Productivity Organization ) අන්තර්ජාතික සංවිධානයක් ලෙස එහි සාමාජික රටවල කර්මාන්තයන්හි විවිධ අංශවල මෙන්ම කෘෂිකර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කිරීමේදීද පහසුකම් සපයයි. ආසියානු සහ පැසිෆික් කලාපයන්හි රටවල් 19 ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. ජාතික ඵලදායීතා සංවිධානවල ප්‍රධානීන්ගේ 55 වන වැඩමුළු සම්මන්ත්‍රණය 2014 ඔක්තෝබර් මස 21 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ගරු බෂීර් සේගුදාවුද් මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලදී.