• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් යානා ආපදාවකදී සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සේවා - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සැලසුම්

- අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතියට (චිකාගෝ සම්මුතිය - 1944) පාර්ශ්වකරුවකු වශයෙන්, එකී සම්මුතියේ අන්තර්ගත අන්තර්ජාතික ප්‍රමිතීන් සහ නිර්දිෂ්ට පරිචයන් ඵලදායීව ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු සූදානම් කිරීම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඉටු විය යුතු බැඳීමකි. සෝදිසි කටයුතු සහ බේරා ගැනීමේ සේවාවල අවශ්‍යතාව ඇති වූ විටෙක එකිනෙකා සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවෙන් සහ සම්බන්ධීකරණයෙන් සෝදිසි කිරීමේ හා බේරා ගැනීමේ සේවා සැපයීම පිණිස වන හැකියාව සවිමත් කර ගැනීමට සෑම රාජ්‍යයක් විසින්ම අසල්වැසි රාජ්‍යයන් සමඟ එකඟතාවන්ට එළැඹීම අවශ්‍යතාවකි. රටවල් මඟින් යොදා ගනු ලබන ගුවන් ආරක්ෂිත පියවරයන් සම්බන්ධයෙන් පවත්වන ලද ජාත්‍යන්තර සමීක්ෂණයක් (USOAP - 2013) අනුව ලෝකයේ රටවල් 191 ක් අතරින් ශ්‍රී ලංකාව 19 වැනි ස්ථානය ලබා ඇති අතර ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 34ක් අතරින් සිව්වැනි (04) ස්ථානයට පත්ව ඇත. මාලදිවයින් බලධාරින්ගේ ඉල්ලීම පරිදි, වැඩපිළිවෙළෙහි අරමුණ වෙනස් නොවන සේ මුල් ලේඛනය වෙත ඇතැම් වෙනස්කම් සිදු කිරීම පිණිස සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු පිංයකර ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.