• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණිය අලුත් කිරීම -

- ශ්‍රී ලන්කන් ගුවන් සේවය, පළමු ගුවන් යානා 09 මුල්‍යනය කිරීම ඇතුළුව පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණිය අලුත් කිරීමේ සැලස්ම නිමාවට පත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලද අතර එම විස්තර පහත පරිදි වේ:

* Rolls Royce Trent 700 එන්ජින්වලින් බල ගැන්වෙන A 330- 300 ගුවන් යානා හයක් (06) 2014 වර්ෂයේ අවසන් කාර්තුවේ සිට 2015 වසර දක්වා මිල දී ගැනීම; සහ

* A 330- 200 ගුවන් යානා සඳහා අලුතින් යෙදීම පිණිස A 350- 900 අතිරේක ගුවන් යානා තුනක් (03) 2017 වසරේදී කල්බදු ක්‍රමයට ලබා ගැනීම.

ඒ අනුව, පළමු නවීන පන්නයේ A 330 – 300 එයාර් බස් ගුවන් යානය 2014 ඔක්තෝබර් මස අවසාන සතියේ ලැබීමට නියමිතය.