• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 සමාජ ඒකාබද්ධතා සතිය - ප්‍රගති සමාලෝචනය

- සමාජ ඒකාබද්ධ සතිය තුළ (2014 ජූලි 14 – 20 දක්වා) දිස්ත්‍රික් 23ක භාෂා සංගම්වල සාමාජිකයින් සමාජ ඒකාබද්ධතා වැඩසටහන් 23ක් ක්‍රියාවට නංවා ඇත. එකී වැඩසටහන් තුළින්, භාෂාව ඉගැන්වීම සහ ආකල්පමය වෙනස්කම් මඟින් අන්තර් වාර්ගික සුහදත්වය ප්‍රවර්ධනය පිණිස ක්‍රියාකාරකම් පැවැත්වීමට භාෂා සංගම්වල සාමාජිකයන්ට හැකියාව ලැබී ඇත. මෙම කාලය තුළ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පාසල් උපකරණ බෙදා හැරීම සහ භාෂාත්‍රයෙන් දැන්වීම් පුවරු සකස් කිරීම සිදු කර ඇත. එම සතිය තුළ ජාතික ඒකාබද්ධතාව හා බැඳුණු වෙනත් වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාවට නංවා ඇත. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලදී.