• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තැනැත්තන් වෙළඳාමේදී ගොදුරු වන වින්දිතයන් හඳුනාගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය (SOP)

- අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ සභාපතිත්වයෙන් යුත් “තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය බලකාය” විසින් තැනැත්තන් වෙළඳා‍මේදී ගොදුරු වන වින්දිතයන් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි මාලාවක් සකස් කර ඇත. මෙම සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියේ අරමුණ වනුයේ තැනැත්තන් වෙළඳාම් කිරීමට එරෙහිව වන ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්හි ඵලදායිත්වය වැඩි කිරීමයි. සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය වනාහි වින්දිතයින්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව වින්දිතයන් ආරක්ෂා කිරීමේදී සහ වැරදිකරුවන්ට දඬුවම් දීම සාර්ථකව සිදු වන බව සහතික කිරිමේදී තමන්ගේ භුමිකාවන් සහ වගකීම් පිළිබඳව රජයේ පාර්ශ්වකරුවන්ව සංවේදී කරනු පිණිස අන්තර්ජාතික සම්මුතීන් හා අනුකූලව සකස් කෙරුණු ජාතික ක්‍රමෝපායකි. අධිකරණ අමාත්‍ය ගරු රාවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද, තැනැත්තන් වෙළඳාමේදී පීඩාවට පත් වින්දිතයන් හඳුනා ගැනීමට සහ ආරක්ෂා කිරීම සඳහා සකස් කෙරුණු සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.