• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 අගෝස්තු මස 22 දින සිට 24 දින දක්වා මහනුවරදී පැවති ‘ප්‍රජා ජල සේවාව’ පිළිබඳ ‍3 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය

- ‘ප්‍රජා ජල සේවාව’ පිළිබඳ ‍3 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2014 අගෝස්තු මස 22 දින සිට 24 දින දක්වා මහනුවරදී පැවත්වුණු අතර මේ වසර සඳහා සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘ජලය, ප්‍රජා සංවර්ධනය සහ සෞභාග්‍ය’ යන්නයි. මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රජා මූලික ජල සංවිධානවලින්, දේශීය නියෝජිතයන්ද ඇතුළුව 750ක පමණ පිරිසක් සහභාගී වූහ. ‘සෙංකඩගල ප්‍රකාශනය, ශ්‍රී ලංකාව’, මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශයට පත් කෙරිණි. යුනිසෙෆ් සහ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ සහාය ඇතිව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල භාරය සහ ලංකා වැසි ජලයෙන් අස්වැද්දීමේ සංසදය හා එක්ව ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලදී.