• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය

- මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වනුයේ මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට අදාළ වන පරිදි ඵලදායී සුරක්ෂිත හා ගුණාත්මකභාවයෙන් යුතු එන්නත් තිරසර සහ සාධාරණ ආකාරයකින් භාවිත කිරීම තහවුරු කිරීම මඟින් ශ්‍රී ලංකාව එන්නත් මඟින් වළක්වා ගත හැකි රෝගවලින් තොර රටක් බවට පත් කිරීමය. සෞඛ්‍ය අමාත්‍යාංශය, අදාළ වෘත්තීයමය ආයතන සහ රජයේ ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් මෙම ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය සකස් කර ඇත. සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත ප්‍රතිපත්තිමය ලියවිල්ල අමාත්‍ය මණ්ඩලය ‍විසින් අනුමත කරන ලදී.