• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම

- ආසියාව තුළ තිරසර ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා කලාපීය සහ‍යෝගිතාව සහතික කිරීම පිණිස මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි මූල්‍ය අර්බුදයන්ට එරෙහිව මුහුණ දීම සඳහා කලාපීය ශක්‍යතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවක් පිහිටුවීමට චීන ජනාධිපතිතුමා යෝජනා කර ඇති අතර එම ආයෝජන බැංකුවේ සමාරම්භක සාමාජිකයකු ලෙස එයට සම්බන්ධ වන ලෙස නිල වශයෙන් ශ්‍රී ලංකාවටද ඇරියුම් කර ඇත. ශ්‍රී ලංකාව, විශාලතම බහු පාර්ශ්වයීය සංවර්ධන මූල්‍යායතන දෙකක් වන ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ ආරම්භක සාමාජිකයෙකි. බොහෝ සෙයින් අවශ්‍ය කෙරෙන අතිරේක සම්පත් ආසියාව තුළින් හා ආසියාවෙන් පිටතින් ඒකරාශී කිරීමට, ආසියානු ආර්ථිකයන් තනිව මුහුණ දෙන්නා වූ මූල්‍ය අවහිරතා ඉවත් කිරිමට සහ ආසියාවේ තිරසර හා ස්ථාවර වර්ධනය ප්‍රවර්ධනය පිණිස දැනට තිබෙන බහු පාර්ශ්වයීය සංවර්ධන බැංකු මඟින් ඉටුවන කාර්යභාරය ඌනපූරණය කිරීමට ඉහත ආයෝජන බැංකුව පිහිටුවීම උපකාරී වනු ඇත. කලාපය පුරා රටවල් 22ක් එකී බැංකුවේ ආරම්භක සාමාජිකයන් ලෙස එයට එක් වීමට කැමැත්ත පළ කර ඇත. ඉහත ආයෝජන බැංකුව පිහිටුවීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.