• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූල්‍ය අංශයේ නියාමකයන් අතර තොරතුරු හුවමාරු කිරීමට අදාළ යෝජනාවලිය

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ මූල්‍ය අංශයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිණිස මූල්‍ය අංශයේ නියාමකයන් විසින් සාමූහිකව ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීමේ අරමුණින් යුතුව අන්තර් නියාමන ආයතන සභාව ස්ථාපිත කෙරුණු බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හා කල්බදු සමාගම්, මුදල් තැරැව්කරුවන්, ප්‍රාථමික අලෙවිකරුවන්, රක්ෂණ සමාගම්, රක්ෂණ තැරැව්කරුවන්, රක්ෂණ නියෝජිතයන්, අලාභ ගැළපුම්කරුවන්, ආයතනික නියෝජිතයන්, කොටස් වෙළඳපොළ සහ කොටස් තැරැව්කරුවන්/අලෙවිකරුවන් ‘මුල්‍ය ආයතන’ යන්නට ඇතුළත් වේ. පාර්ලිමේන්තු පනතක් මඟින් අදාළ කාර්යය සඳහා නීති පැනවීම පිණිස සහ එකි කාර්යය සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.