• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක් නැ‍ඟෙනහිර පළාතේ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

- නැ‍ඟෙනහිර පළාතේ ජනතාවගේ සමාජ ඒකාබද්ධතාව සහ සංහිඳියාව එක්තැන් කිරීම පිණිස විවිධ පරිපාලන හා සමාජ සබඳතා වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව රජය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. නැ‍ඟෙනහිර පළාත කේන්ද්‍ර කොට ගෙන එම ප්‍රදේශයේ ජනතාව සඳහා යෝග්‍ය පරිපාලන හා සමාජ පසුබිමක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින්, උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානය හා සමාන, “නැ‍ඟෙනහිර පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානය” නමින් සක්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලාහුගල, පානම ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිතය. සංචාරයෙහි නිරත රාජ්‍ය නාකයකයින් හා ප්‍රභූන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමද මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කිරීමට අදහස් කෙරේ. ඊ‍‍ට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.