• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර ජලසම්පාදන යෝජනා ක්‍රමයේ අදියර III සඳහා අරමුදල් සැපයීම

- අම්පාර ජලසම්පාදන යෝජනා ක්‍රමයේ අදියර III ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ආයතනයකින් ඇමරිකානු ඩොලර් 1,05,109,000 ක ණය මුදලක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ව්‍යාපෘතියේ හඳුනාගනු ලැබූ අතිරේක කටයුතු හේතුවෙන් එම ණය මුදල ඇමෙරිකානු ඩොලර් 7,538,854 කින් වැඩි කිරීමට සහ ඊට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අති‍ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.