• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යටිතල පහසුකම් සංවර්ධන ව්‍යෘපෘතිවලට සහාය වීම පිණිස රජයේ උපදේශක ආයතනයක් ස්ථාපිත කිරීම

- රජය විසින් දියත් කරන ලද මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමෙන් දේශීය වෘත්තිකයින්, විශේෂයෙන්ම ඉංජිනේරුවන් මහාමාර්ග, ජලසම්පාදන යෝජනා ක්‍රම, බලශක්ති සැපයුම් ආදියට අදාළ ඉදි කිරීම් අධීක්ෂණය හා සැලසුම් කිරීම පිළිබඳ අත්දැකීම් සම්භාරයක් සහ පුළුල් දැනුමක් පසුගිය දස වසර පුරා අත් කර ගෙන ඇත. සමාගම් පනත යටතේ, රජයට අයත් උපදේශාත්මක සමාගමක් ස්ථාපිත කිරීමට සහ ඒ හා බැඳුණු කටයුතුවල නිරත වීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අති‍ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.