• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබා ගත් අරමුදල් මඟින් මැල්සිරිපුර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- ඉහත ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් 2015 මාර්තු මස වන විට, මැල්සිරිපුර ප්‍රදේශයේ ජීවත්වන 40,189 ක ජනතාවකට සුරක්ෂිත පානීය ජලය සැපයීමට අදහස් කෙරේ. දේශීය බැංකුවල මූල්‍ය සහාය ඇතිව රු. මිලියන 2,460 ක මුළු පිරිවැයකට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙම කාර්යය සඳහා තාක්ෂණික හා මූල්‍යමය යෝජනා කැඳවීමටත්, ඇගයීමේ ක්‍රියාවලියේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට සහාය වීම පිණිස ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම සඳහාත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.