• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුවේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - 1 වන ව්‍යාපෘතිය - කොළඹ නගරයේ උතුරු ප්‍රදේශයේ ආදායම් නොලබන ජලය අවම කිරීම සඳහා පද්ධති පුනරුත්ථාපනය කරනු ලබන ව්‍යාපෘතිය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇගයීමට ලක් කෙරුණු සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.