• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ රෝහල් සංවර්ධනය කිරීම -

- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ, අරලගංවිල, වැලිකන්ද, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය යන ප්‍රදේශයන්හි පිහිටි මූලික රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රු. 463,365,050.40 ක මුළු පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.