• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා උස් කොට ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) සැලසුම් කොට ඉදි කිරීම - ඕස්ට්‍රේලියාවේ HASS හවුල් ව්‍යාපාරය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා සහ ඔවුන්ගෙන් සවිස්තරාත්මක යෝජනා ලබාගැනීම

- කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම මඟින් සහ පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා මහාමාර්ගයක් උස් කොට ඉදි කිරීම මඟින් පෑලියගොඩ සහ කොළඹ නගරය තුළ පවතින රථවාහන තදබදය අවම කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අදහස් කරයි. නව පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය වෙනම සකස් කර ඇති අතර, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ඒ සඳහා අරමුදල් සපයයි. උස් කොට ඉදි කරනු ලබන මහාමාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය සහ මූලික සැලසුම් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය ඇතිව දැනටමත් නිම කර ඇත. පෑලියගොඩ සහ කොළඹ - කොටුව සම්බන්ධ කිරීමට උස් කොට ඉදි කරනු ලබන මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු කරගෙන යාම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.