• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - වසර 05 ක කාර්යසාධන පාදක නඩත්තුවද ඇතුළත්ව මොරටුව - පිළියන්දල මාර්ගයේ කි.මී. 2.62 සිට කි.මී. 5.12 දක්වා කොටස සහ රත්මලාන - මිරිහාන මාර්ගයේ කි.මී. 5.70 සිට කි.මී. 7.84 දක්වා කොටස පුනරුත්ථාපනය කිරීම / වැඩිදියුණු කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇගයීමට ලක් කෙරුණු සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.