• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන OPEC අරමුදල විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත වන ප්‍රවේශ මාර්ගය, දෙමටගොඩ - වැල්ලම්පිටිය මාර්ගය, කොලොන්නාව - ‍යක්බැද්ද මාර්ගය, වැලිකඩ-කොහිලවත්ත මාර්ගය, සෙන්ටර් රෝඩ් යන මාර්ග වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම -

- ප්‍රධාන මහාමාර්ග කි.මී. 66 ක් උත්ශ්‍රේණිගත කිරීම සඳහා සහ නාරාහේන්පිට - නුගේගොඩ පාලම නැවත ඉදි කිරීම සඳහා වන පිරිවැය දැරීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන OPEC අරමුදලෙන් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇගයීමට ලක් කෙරුණු සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.